Thursday, February 14, 2013

අබුද්දස්ස කාලේ...:D

මිනිස්සුන්ටත් හරි හරි වැඩ වෙනවා...
අපේ රටේ ඉන්නෙ ලෝකෙ වැඩියෙන්ම සෙක්ස් ගැන හොයන කට්ටියනෙ.මිනිස්සු හිතන්නෙ සෙක්ස් කිව්වහම හරිම කුණුහරුපයක් කියල. :) ඒක ගැන කියන්න ඕනෙ වෙන දවසක.මේ වෙන කතාවක්.
ඔන්න මේක සිද්ද උනේ පහු ගිය සතියෙ රෑක. ට්‍රොලියක දාගෙන එනව කට්ටිය ලේ පෙරෙන ගෑනු ලමයෙක්.පිටිපස්සෙන් අඩා....ගෙන දුවන් එනව තව එක්කෙනෙක්,අනේ මගෙ දුවේ.....කියාගෙන.බැලූ බැල්මට නම් පේන්නෙ ඇක්සිඩන්ට් එකක් වගේ.....
 

මොකද උනේ? මොකද උනේ???? හැමෝම අහන්න ගත්තා සිද්දිය ළමයව ගෙනාව අයගෙන්.අම්මා අඩනව,එයාට කතා කරන්න සිහි කල්පනාවක් නෑ...මිසීලා දෙන්නෙක් එක්ක අමල් බිසෝත් දැන් මේ ගෑනු ලමයගෙ තුවාල සුද්ද කරන ගමන් විස්තර අහන්න ගත්තා...

 
"වීල් එකකින් පැනලා....." එක මිසී කෙනෙක් කිව්වා

"පැනලා????" ඒ අමල් බිසෝ.

"මේ මහ රෑ,,කෙල්ලව උස්සන් යන්න වත් ගියාද දන්නෙ නෑනෙ." - මිසී 2

"අම්මවත් එක්කම? අනේ මන්දා මේ රටටත් ගිය කලක්!" මිසී 1

........................
 

...........
 

...

ඉතින් ඔන්න ඔහොම විස්සෝපවෙන ගමන් අපි එයාව සුද්ද කරල බෙහෙත් දැම්මා.
වැඩි හානියක් වෙලා තිබුනෙ නෑ...මූණෙ පැත්තක්ම ඉදිමිලා තිබුනෙ ඇටයක් කැඩිලා වගේ..දත් නම් 4ක් 5ක්ම කැඩිලා තිබුණා...තොල් පැලිලා එන ලේ වලින් බෙල්ලයි පපුවයි වැහිලා......ඒ ඇර වෙන කොහෙටවත් තැල්මක් වත් වෙලා තිබ්බෙ නෑ දරුණු.හීරිලා විතරයි.(ලස්සනට වවල පාට පාට ගාල තිබ්බ නියපොතු ටිකත් එහෙම්මම තිබ්බා.අපි කල්පනා කරේ උස්සන් යන්න ගිය මිනිහට එරෙහිව ඒවා පාවිච්චි කරන්න තිබ්බනෙ කියලා...) එකොළහ වසරෙ ළමයෙක්ලු.උණේ මොකද්ද ඇහුවම මතක නෑ කියනවා.(ඔලුව වැදිල තිබ්බෙ නෑ)බයට වෙවුලනවා.....

.....

 

.....
 

.....


ඔන්න ටිකකින් බෙහෙත් දාගෙන අම්මා ආවා...
අම්මගෙන් අහගෙන තමා අපිත් විස්තරේ දැන ගත්තෙ,
මේ කට්ටිය මලගෙදරක ගිහිල්ල එන ගමන්.එයාලගෙ පවුලෙ වාහනේලු 3 වීල් එක. කොහොම හරි අම්මව සේෆ් අයිනට(වහල තියන පැත්ත ) දාල ළමය වාඩි වෙලා අනිත් පැත්තෙ,හොදට හුලන් වදින්න කියල.
කට්ටිය හොදට මල ගෙදර විස්තර කතා කර කරලු ආවෙ,කතා කරන ගමන්ම මේ ළමයට නින්ද ගිහිල්ල වීල් එකෙන් බිමට වැටිලා....කට්ටිය ගොඩක් වේගෙන් ගිහිල්ල තියෙන්නෙත්.

ළමය වැටුණම කොයි අම්මටද දරා ගන්න පුලුවන්?

අම්ම පැනල!

 
 
මේකෙන් ගන්න ඕනෙ ආදර්ශෙ මොකද්ද කියල හැමෝටම තේරෙනව ඇතිනෙ.

මීට

ආදර

අමල්බිසෝ..//

කරල්...


මේ ලගදි දවසක් අමල්බිසෝ රුපියල් බර ගානක් දීල චැනල් කරල ගියා ඉස්පෙසලිස්ට් මහත්තයෙක් ගාවට.ලෝකෙ දාගන්න පුලුවන් මුඩුමම මූණු වලින් එකක් දාගෙන එතුමා මගෙන් ඇහැව්වමොකද්ද ප්රශ්නෙ?” කියල.කොහොම හරි මගෙ අවුල කියල ඉවර වෙන්නත් කලින් එයා තවත් මූණ චාටර් කරගෙනඇයි ඔය බොරුවට කලබල වෙලා ඉන්නෙ?” කියල මාව පන්න ගත්ත පොඩි බෙහෙත් පෙත්තක් දීලා.අමල් බිසෝ එතනින් එලියට බැස්සෙ ආයනන් මනුස්සය ඉන්න හතර මායිමක පස් පාගන්නෙ නෑ කියල හිතාගෙනමයි.
 

 

කොහොමත් අපි දොස්තර මහත්තයෙක් ගාවට යන්නෙ එයා අපේ ගැටලු ගැන බරපතලෙන් හිතල බලල ඉක්මන් සහනයක් ලබා දෙයි කියල බලාපොරොත්තුවෙන්.සමහරක් දෙනාට පොඩි උණකට හෙම්බිරිස්සවකට එහෙම පැනඩෝල් පෙත්තක් වගේ බීල විවේකෙන් ඉන්න කිව්වට ඒකෙ මදි කමක් දැනෙනව එතකොට.:)

ඉතින් කට්ටිය ඉල්ලනවා "කරල්".
 

කරල් දොස්තරල,වන් ශොට් බිහි උනේ ලෙඩ්ඩුන්ව් සනසවල තමන්ගෙ මඩියත් තර කරගන්න කට්ටිය හිතපු හින්ද වෙන්න ඇති....

 

මොනවද මේ කරල්?????

 

කරල් ජාතිනම් ඕනෙ තරන් ඇති දොස්තර මහත්තුරු දන්න.ඒත් මේ ලෙඩ්ඩු ඉල්ලන කරල් වලට කියන්නෙ ඇන්ටිබයොටික්ස්  (antibiotics) නැත්තන් ප්රතිජීවක.(ගොඩක් කට්ටිය දන්නව පෙනිසිලින් හරි ඇමොක්සිසිලින් හරි කිව්වහම.)

පෙනිසිලින් තමා ලෝකෙ මුලින්ම හොයාගත්ත ප්රතිජීවකය.ඒක හොයා ගත්තට පස්සෙ මිනිස්සු ලෙඩ වෙලා මැරෙන එක සෑහෙන්න අඩු වුණා. ඉතින් ඔන්න එතකොට විජ්ජාක්ඥයො පරීක්ශණ කරල මහන්සි වෙලා තව ගොඩාක් ප්රතිජීවක ජාති හොයාගත්ත.

(මේ ලගදි වීදුරු කටු තිබිල අපේ රටේ තහනන් කරපු අර දිව උලුක් වෙන නම් තියන බෙහෙත් වර්ග දෙකත් ඒවම තමයි.)

 

දැන් හරි.

ලෙඩ තියනව.බෙහෙත් තියනව.අපිට තියෙන්නෙ ලෙඩ උනාම බෙහෙත් බීල සනීප වෙන්න.

 

ඒත් පොඩි ප්රශ්නයක් තියනවා.

 

මිනිස්සු කරල් පස්සෙ යන්න පටන් ගත්තනෙ ඉක්මනට සනීප වෙන බලාපොරොත්තුවෙන්.දොස්තරලත් පටන් ගත්ත හච්චිමක් ඇරපු ගමන් අලුත්ම ජාතියකින් ගණන්ම කරල් ලියල දෙන්න මිනිස්සුන්ට.ඔහොම ටික කාලයක් යද්දි ලෙඩ තියනව,බෙහෙත් තියනව,, හැබැයි බෙහෙත් බිව්වට සනීප වෙන්නෙ නෑ.
 

ඔන්න එතකොට තමා අර විජ්ජා කාරයන්ට දෙලෝ රත් උනේ.....

 

ප්රති ජීවක කියන්නෙ බැක්ටීරියා මර්දනයට දෙන බෙහෙත් වර්ගයක්.ඉතින් හැම ලෙඩේටම ඒවා දුන්නට බෑ.

ගොඩක් වෙලාවට උණ හෙම්බිරිස්සාව හැදෙන්නෙ වයිරස් වර්ග වලින්.කුරුලු උණ වගේ :)

ඉතින් මොන ඇන්ටිබයොටික් එක දුන්නත් මිනිස්සුන්ව රවට්ටල,අන්තිමේ අපේ ඇගේ තියන ස්වාභාවික විදිහටම තමා ලෙඩ සනීප වෙලා තියෙන්නෙ.

උණාට මෙහෙම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව බෙහෙත් දුන්න එකෙන් නරක දේවල් දෙකක් වෙලා තියනව දැන්.

1.අපිව ආරක්ශා කරන්න අපේ නහයෙ,කටේ,උගුරෙ, බඩවැල් වල එහෙම ඉන්න අහින්සක බැක්ටීරියා මැරිල ගිහිල්ලා තියනව.හරියට අපේ හමුදාවට අපේ අයම ගහනව වගේ.(එහෙම ඒවත් වෙනව අපේ රටේ.මේක ඉතින් ආශ්චර්යයන් වෙන තැනක්නෙ :))

ඒක හින්දා හතුරු හමුදා වලට අපේ රට අල්ල ගන්න ලේසි වෙනවා.

 

2. නරක බැක්ටීරියා මේ බෙහෙත් වලට ඔරොත්තුදෙන්න පටන් අරන් තියනවා.එතකොට බෙහෙත් දුන්නට ලෙඩ සනීප කරන්න බෑ.පෙනිසිලින්,එරිත්රොමයිසින්,කෙෆලොස්පෝරින් වගේ හොදම හොද බෙහෙත් වර්ග දැන් වැඩක් නැති වේගෙන එනවා.

 

මට මේ ගැන කියන්න හිතුනෙ අද ඉස්පිරිතාලෙදි දැක්ක MRSA (methicillin resistant Staphylococcus aureus) කියලා බැක්ටීරියාවක් ඉන්න,,ලේසියෙන් බෙහෙතක් දී ගන්න බැරුව වණ උන තුවාලයක් සහ මේ ලගදි මගෙ යාලුවෙක් හෙම්බිරිස්සාවට කරල් බිව්ව කතාවක් මතක් වෙලා.(පිරිටන් පෙත්තක් දුන් නැති උනාට ෆාමසි වලින් අමොක්සිසිලින් දෙනවා සමහර වෙලාවට බෙහෙත් තුන්ඩුවක් නැතුව )

 

ඉතින් වෙනසක් කරන්න තාම අපි පරක්කු නෑ.....බොරුවට තේරුමක් නැතුව ප්රතිජීවක ගන්න එකෙන් වලකින්න අපිට පුලුවන්.

වගේම,,දොස්තර කෙනෙක් ගෙන් බෙහෙත් ගන්නකොට දෙන බෙහෙත් වර්ග මොනවද,මොකටද දෙන්නෙ,ඒව අත්යාවශ්යද කියල දැන ගන්න වගේම වෙළද නාම වලින් නැතුව බෙහෙතෙ ඇත්ත නමින් බෙහෙත් ලියවගන්නත් අපිට අයිතියක් තියනව කියල මතක තියාගන්න ඕනෙ!

 

මීට

ආදර

අමල්බිසෝ...//
 
ප.ලි. - මේක ලියල ගොඩක් කල්.හරි වැරදි බලල දෙන්න කියල එක්කෙනෙක්ට යැව්වා.එයා පොඩි මිනිස්සුන්ව ගනන් ගන්නෙ නෑලු.

Monday, January 21, 2013

ඒ හින්දා Will You Marry Me? *_*


සිත්තරෙක් උනා නම්
තෙල්ලෙන් මැවෙන්නෙ ඔබේ රුවයි


කිවිදියක් උනා නම්
පද වැල් ගොතන්නෙ ඔබ ගැනමයි


පන්හිද තුඩ අග රැදි
නොලියූ කතාව ඔබෙයි මගෙයි


ඒ මොකවත් නැති උනාට
මගෙ ආදරෙ අහස උසයි


මීට
ආදර
අමල්බිසෝ...//



ප.ලි. - මාත් ලිවුවා මල් කවියක්.කිසිම සැගවුන අර්තයක් කවි රසයක් නෑ.ඒ උනාට වචන ටික ආවෙ බොක්කෙන්මයි....

Saturday, January 19, 2013

ලුනු මිරිස්

ඔන්න සමහරු කියනව මේවට චිලි පේස්ට් කියල.අමල් බිසෝ නම් කියන්නෙ ලුනු  මිරිස් කියල.
ගොඩක් ගෑනු අය වගෙ අමල් උනත් විසේස උනන්දුවක් දක්වනව සූප සාස්තරේ ගැන.මේ කියන්න යන්නෙ කෑම වට්ටෝරුවක්.ලුනු මිරිසුයි චිලිපේස්ටුයි අතර කෑමක් හින්දා අපි කියමු මේකට ලුනු පේස්ට් කියලා.....

මේක හදන්න ඕනෙ බී ලූනු,ලුනු,මිරිස්,තෙල් ටිකක්,සීනි ජුන්ඩක්, පොල් කිරි කරපින්චා,කරන්ට් එක සහ ගින්දර ටිකක් පමණයි.
මුලිම්ම බී ලූනු ටික (ගෙඩි තුනක් විතර ) සුද්ද කර ගන්න.දැන් ඒ ටික හෝදලා කුට්ටි කපලා ග්‍රයින්ඩර් යන්තරයට දමා ගන්න.දැන් ඒකට මිරිස් පුරවලා තේ හැදි  3ක් විතර,අවශ්ය පමණට ලුනු දාලා හොදින් අඹරා ගන්න.දැන් සාස්පානකට තෙල් ටිකක් දාලා ඒකට සිහින්ව කැපූ කරපින්චා දාලා බැදගන්න.( වැඩිය තෙල් දාන්න එපා.කොලෙස්ටෝල් වැඩි වෙනවා) දැන් ඒකට අර හදා ගත්ත මිශ්‍රණය දාන්න.ඒ කරලා අර ග්‍රයින්ඩර් එකේ ඇලිල තියන මිරිස් ටික මිටි කිරි ටිකකින් හෝදලා අර සාස්පනටම දමා ගන්න.දැන් අර කිරි ටික වාශ්ප වෙනකල් හොදට හැදිගා  ගන්න.මුලින් මේ මිශ්‍රණය සාස්පානේ ඇලෙනව.ටිකක් වෙලා යද්දි ඇලෙන්නෙ නැතුව යනවා...තව ටිකක් වෙලා යනකොට ගුලි වෙන්න පටන් ගන්නව.සුවදත් එනවා.අන්න එතකොට සීනි තේ හැන්දකින් බාගයක් විතර දාලා හොදට ගුලිය වගේ එනකල් රෝස් කරන්න ඕනෙ.

සීනි දාන්නෙ ලුනු මිරිස් පාටිකල් ටික හොදට එකතු වෙන්න හරිද.නැතුව මේක සැර වැඩි හින්දා නෙවෙ.කාලම බලන්න රහද කියලා.

Sunday, December 9, 2012

වස බී....


අර පරණ සින්දුවක් තිබ්බෙ

සමහරු මිය යන්නේ- වස බී... මට ඒකෙ ඉතිරි ටික මතක නෑ.කොහොම හරි මට ඒක මතක් උනේ ඉස්පිරිතාලෙ රෑ වැඩ කර කර හිටපු වෙලාවක.

රෑට ඉස්පිරිතාලෙට තරුණ ජීවිත වැඩියෙන්ම ඇතුල් කරන්නෙ වස බීලද කොහෙද.අදුරු වැහි බර දවස් වලට ගතිය වැඩියි.පරිසරෙත් මූසල වෙල තියෙන්නෙ නිකන් වහ බොන්න යන එක්කෙනාට "බීපන් බීපන්" කියන්න වගේ.

 

එහෙම එන අය ගොඩක් දොස්තර මහත්තුරු බේරලා යවනව.අවාසනාවන්ත දෙතුන් දෙනෙක්ට විතරක් මේ ලෝකෙ දාල යන්න යනව.

ගොඩක් වෙලාවට වස බොන්න හේතුව කෙල්ලෙක් හරි කොල්ලෙක් හරි.

මුහුදෙ ඉන්නෙ එක මාලුවෙක් නෙවෙයි කියල තේරුම් ගන්න බැරි කමට. :ඩී

 

කියන්න නම් ලේසියි.විදින මිනිහටනෙ ඒකෙ අමාරු කම තේරෙන්නෙ නේද.

 

කොහොම හරි වස බොන්නෙ දුකටද කියල ඇහුවහම ගොඩක් අය "ඔවු" කියනවා. වුණාට වස බොන්නෙ දුකට නෙවෙයි. ගොඩක් විට තනිකරම කේන්තියට.ඔන්න කෙල්ල හරි කොල්ල හරි තරහ වුනහම බූට් කාපු පාර්ශවේට මතක් වෙනව "අයි ලව් යූ" කියපු දවසෙ ඉදල අනිත් එකා කරපු ප්රෝඩාව. එතකොට හිතෙනවා "අනේ මන් වගේ හරකෙක්.මේ මිනිහට රැවටුණානෙ මම.ඕකටනන් හො`දක් සිද්ද වෙන්න එපා.උගන්නන්නම්කො ඕකට ජීවිතේ තියන කල් විදවන්න හොද පාඩමක්" කියල තමන් ගැන කේන්තියට හරි අනිත් කෙනා ගෙන් පලි ගන්න හිතාගෙන හරි වස බොන්නෙ. ගොඩක් වස වර්ග ආම්ලිකයි.ඉතින් උගුර පිච්චීගෙන හුස්ම හිරවීගෙන එද්දි ගොඩක් අයට අර තරහව කොහෙන් ගියාද නැහැ.දුවන් එනවා ඉස්පිරිතාලෙට.

මේ ලගදි හරි වැඩක් උනා.

වස වලත් එක එක ජාති තියනවනෙ.ඒකෙමුත් වසම වර්ගයක් බීල තරුණ කොල්ලෙක් ආව.දැන් නහයෙන් බට දාල,අත් දෙකෙම්ම බෙහෙත් යවල,මොනිටර් හයි කරල තියනව.ටික වෙලාවක් ගියහම මූ අමුතු විදිහට හිනා වෙන්න ගත්ත.ඔන්න තව ටිකකින් අමුතු අමුතු විකාර කියවනව.එන පොට හරි නැහැ කියල කට්ටිය එකතු වෙලා කොල්ලව බැදල දැම්මා ඇදට තියලා.බලද්දි මූ වස බීල තියෙන්නෙ බොරුවට.ගෙදර අයව රවට්ටන්න.යවපු බෙහෙත් වලට මොලේ විකාර වෙලා... දොස්තර මහත්තුරුන්ට කරන්න දේකුත් නැහැ.මූ කියන ඒව විස්වාස කරල බෙහෙත් නොදී ඉන්නයැ...

 ඊට දවස් දෙකකට කලින් දරුවො දෙන්නෙක් ඉන්න අම්ම කෙනෙක් මැරුණා වස වර්ගයම බීලා.මහත්තය එක්ක රණ්ඩු වෙලා. අම්ම මැරෙන්න කලින් කියපු එක දෙයක් මගේ මතකයෙ රැවු දෙනවා.ඒකමයි මම මේ පෝස්ට් එක ලියන්න හිතුවෙ."මට දැන් තේරෙනවා මම කරපු වරදේ බරපතල කම.මට මගෙ අහින්සක කොලු පැටවු දෙන්නගෙ මූණු මැවි මැවී පේනවා.මම ගෙදර ගියාට පස්සෙනම් ආය කවදාවත් මෙහෙම දුර දිග නොබලා මෝඩ වැඩ කරන්නෙ නැහැ."

 

වුණාට අම්මට තමන් කරපු වැරදි හදාගන්න ජීවිතේ තව අවස්තාවක් ලබා දුන්නේ නෑ.....

 

කවදාවත් ජීවිතෙන් පැරදිලා වස බොන්න හිතන්න එපා.

මීට

ආදර

අමල්බිසෝ...//

 

.ලි.(මේකනම් දිග වැඩියි..ආය කොට ඒවා දාන්නම්)